Saturday, November 30, 2024

බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?

 ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත. 


එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උගන්වති. 


එ තරම් ඉහළට ගෙන නො ගත් එහෙත් සැලකිය යුතු ඉගෙනුමක් ලත් ගුරුවරු කනිෂ්ඨ ශිෂ්‍යයන්ට උගන්වති. 


එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් ලොව දිනූ යුග පුරුෂයින් තනන්නට බාලාංශ ගුරුවරුන්ට පැවරෙන්නේ ය. ඔවුන් ගුරුවරු  අතර ඉහළින් සිටිය ද පහළින් සිටිය ද අන් සැමට ඇවිදින්නට හුරු කරන පීනන්නට හුරු කරන වැටෙන්නට නො දී දෙ පයින් සිටිගන්නට හුරු කරන වතුරේ ගිලෙන්නට නො දී ජීවිතය  බේරගන්න උදව් කරන දෙවිවරු ය. 

 

අනන්ත ගුණ ඇති සංඝ රත්නය ද එසේ වෙති.


උන් වහන්සේලා යුගල වශයෙන්  හතරක් ද පුද්ගල වශයෙන් අටක් ද වෙති. 


උසස් ම වහන්සේලා අගසව් දෙ නම වහන්සේලාගෙන් පටන් ගෙන,


පළමු සැට නම වහන්සේලාගේ සිට,


අග්‍රස්ථාන රහතන් වහන්සේලාගේ සිට,


පෘතග්ජන සංඝයා වහන්සේලාගේ සිට,


අද සිවුරු පෙරවූ සාමනේර හිමියන් වහන්සේ දක්වා උත්තම සංඝ පරම්පරාව විහිදි පවති. 


අති දුර්ලභ රහතන් වහන්සේලා සොයාගැනීමට දුෂ්කර වුව ද, 


පෘතග්ජන ජනයා තිසරණ පිහිටන, සීල සමාධි ප්‍රඥා, දාන ශීල භාවනා ආදි පුණ්‍ය ක්‍රියාවල පිහිටුවන ජනයාට නිතර සම්මුඛ වන සංඝයා වහන්සේලා පෘතග්ජන වුව ද 

උන්වහන්සේලා සාමාන්‍ය  ජනයාට ධර්ම මාර්ගයේ බාලාංශ උපාසක උපාසිකා අයට පින් කෙතක් වන්නේ ය. ⁣ක්ෂේම භූමියක් වන්නේ ය. 


සංඝයා වහන්සේලා යන කුලකය තීරණය කිරීමට එක එක අයට සිතු පරිදි නො හැක. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පරිදි සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ධර්මය අනුව ම සොයාගත යුතු ය. විස්තර අවශ්‍ය නම් අටුවා ටීකා ටිප්පිනි ඇත්තේ ය. 

අනන්ත ගුණ ඇති සංඝරත්නය වන්දනා කිරීම ගරු කිරීම ස්තුති කිරීම පූජා කිරීම අනන්ත ඵල දෙන සේ ම සිතිවිල්ලකින් හෝ නින්දා කිරීම අපහාස කිරීම අගෞරව කිරීම බරපතල විපාක දෙන බව කිව යුතු ය. 

නුවනැත්තෝ සාර දේ  සාර දේ ලෙසත් අසාර දේ අසාර දේ ලෙසත් දකිත් වා! 

#buddhism #dhamma #srilanka

No comments:

Post a Comment

බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?

 ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත.  එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උග...