අපේ පාරිසරික අයිති
රටේ පවතින පරිසර නීතිය යටතේ ජනතාවට හිමි පරිසර අයිති පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත් ය. මේ ව්‍යායාමය ඒ පිළිබඳ උනන්දු කිරීම මිස සියලු පරිසර අයිතින් මෙහිලා දැක්වීම නො වේ.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව ප්‍රකාර ව මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමට අතිශය වැදගත් වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ ඇති මූලික අයිතිවාසිකම් පරිසර අයිතිවාසිකම් ක්ෂේත්‍රයෙන් එතරම් දියුණු වී නැතත් එය වැදගත් වන්නේ ය.
රජය විසින් සිදුකරන පරිසර අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහි ව රටේ ඉහළ ම අධිකරණයෙන් ඉක්මන් ප්‍රතිකර්ම ලබා ගැනීම ජනතාවට අතිශය වැදගත් වන්නේ ය. එහි 12 ව්‍යවස්ථාව අනුව සමානාත්මතාවයට නිදහස මෙරට සියලු ජනයාට ඇත. ඒ අනුව නිද: ලෙස රජයේ යම් තීරණයක් නිසා ඔබේ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට හානි වීමේ තත්ත්වයක් ඇති විය හැකි නම් ඊට එරෙහි ව 17, 126 ව්‍යවස්ථා අනුව අධිකරණයට යා හැකි ය. ඒ අන් ප්‍රදේශවල ජනතාවට ඇති අයිතියක් තම ප්‍රදේශයේ ජනතාවට අහිමි කරන්නේ ය යන පදනම මත යි.
මීට අමතර ව ඔබේ ප්‍රදේශයේ අදාළ පළාත් පාලන අායතනය හරහා ද ඔබට ඇති පරිසර ගැටළු නිරාකරණය කරගත හැක. නිද: මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව. යම් හෙයකින් ඔවුන්ට නීතියෙන් පැවරී ඇති කාර්යය ඉටු කිරීම ඔවුන් පැහැර හරී නම් එම කාර්යය ඉටු කරගැනීමට අදාළ අධිකරණයට යා හැකි ය.
එසේ නැතහොත් 1987 පාරිසරික පනත යටතේ පිහිටුවා ඇති ජාතික පාරිසරික පනත මඟින් පොදුවේ ඕනැ ම ක්ෂේත්‍රයක පරිසර ගැටළු පිළිබඳ ව දැනුම් දිය හැක.
නැතිනම් වෙරළ සම්බන්ධ කරුණක් නම් වෙරළ සංරක්ෂණ අධිකාරිය හෝ පස සම්බන්ධ ගැටළු නම් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය හෝ ආදි වශයෙන් විවිධ රාජ්‍ය ආයතනවල උපකාරය ලබා ගත හැක.
ඒ අතර ම, අදාළ පොලිසිය, ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා ආදි වශයෙන් ඉතා පහසුවෙන් රජයේ උපකාරය ඔබට ලබා ගත හැක.
මේ සියලු ආකාර පිළිබඳ ව සෑහීමකට පත් නො වේ නම්, නීතිඥවරයකුගේ අනුදැනුම මත සුදුසු අධිකරණයක් හමුවේ ඔබේ පරිසර ගැටළුවලට විසඳුම් ලබා ගත හැක. වි.මු.ධ. බණ්ඩාර
2017/05/01
Monday, September 18, 2023
Subscribe to:
Post Comments (Atom)
බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?
ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත. එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උග...
-
rei vindicatio and the Declaration of Title · As Voet says in whom the ownership is vested, vests the ownership regarding a corporeal ...
-
Question: A divorce decree obtained in Australia Federal Circuit Court is to be registered in the District Court of Kurunegala as claime...
-
A foreign substance which is not used for human consumption was found in a Cocacola bottle when it was to be sold for lay people in Mahawa....
No comments:
Post a Comment